Monday, August 26, 2019

ටින් ටින් (Tin Tin) - පළිගු බෝල හත

ටින් ටින් (Tin Tin) - පළිගු බෝල හත
----------------------------------------------------------------



ටින් ටින් කියන්නේ ලංකාවේ අපි හැමෝම ආදරය කරපු ඒ වගේම පොඩි කාලේ අපි පුදුම ආසාවකින් බලපු ලස්සන කාටූන් එකක්..ලංකාවේ මේ කාටූන් එක ගියේ සිංහලෙන් හඩකවලා..තාම උනත් ටින් ටින් එකේ තේමා ගීතය ඇහෙද්දි අපිට ටීවි එක ලගට ඉබේම දිවවෙනවා..

දැන් අපි කථාවට බහිමුකෝ..මේ ටින් ටින් කතාව මුලින්ම කාටූනයට නැගුවේ බෙල්ජියන් ජාතික Herge මහත්තයා.මේ කාටූන් සීරිස් එකේ නම උනේ The Adventures of Tintinකොහොමහරි මේ විදිහට හැමෝගේම ආදරය දිනා ගනිමින් ටින්ටින් කාටූනය ලේ සොයිර් (Le Soir) නම් පුවත්පතේ දිගටම පලවුනා හැබැයි 1943 දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය බෙල්ජියම අල්ලා ගැනීමත් සමග පුවත්පත මුද්‍රණය නැවතුනත් නැවත 1946 දී ටින් ටින් වෙනම සගරාවක් විදිහට එලියට එනවා..

ටින් ටින් කාටූනයේ හැම කතාවක්ම හර්ජ් මහත්මයා හොදට හිතලා බලලා ඒ වගේම ඉතිහාසයත් හොදට අධ්‍යනය කරලා තමයි කාටුන් එක එලියට දැම්මේ..සමහර කතා වලට හර්ජ් මහත්තයා මාස 2,3 ක් එහෙම හොදට ඉතිහාසය හා වටපිටාව අධ්‍යනය කරලා තියෙනවා..

හරි ටින් ටින් කාටූන් එක ගැන මුලික අවබෝධයක් ඔයාලට දැන් තියෙනවා..ඔයාලට මතක ඇති ටින් ටින් එකේ එක කතාවක් තිබුනා පළිගු බෝල හත (The seven crystal balls) කියලා..ඇත්තටම කිව්වොත් මම නම් ටින් ටින් එකේ ආසම කතාවක් තමයි පලිගු බෝල හතේ කතාව​..ඒ වගේම මේ කතාව අපි හැමෝටම ත්‍රාසයත් භීතියත් ගෙනාපු කතාවක් කියන්න පුලුවන්..


Name:  220px-The_Adventures_of_Tintin_-_13_-_The_Seven_Crystal_Balls.jpg
Views: 261
Size:  24.1 KB

මෙන්න මෙයා තමයි චරිතය.. රස්කකපා (Rascar capac)

Name:  download.jpg
Views: 257
Size:  10.3 KB
Name:  rascarca200po.jpg
Views: 260
Size:  18.1 KB

හම්මේ තාම දකිද්දී බයයි..ඔය කතාව බලලා ඉවර වෙලා ජනේලයක් ගාවට යන්නත් බය කාලයක් තිබුනා..ඒ තරම් නියමම කතාව​..

මේ කතාව ලියන්න හර්ජ් මහත්තයාට පාදක වෙලා තිබුනේ ඒ දවස් වෙලා මිනිස්සු අතර හොල්මන් කරපු පාරාවරුන් ගේ ශාප කථාන්දරයි (Paravo's curse)..ඊජිප්තු පාරාවෝ කෙනෙක්ගේ සොහොන් ගැබක් විව්‍රුත කලොත් අනිවාර්‍යෙන්ම පාරාවෝන්ගේ ශාපයෙන් මොනවා කරලත් ගැලවෙන්න බැහැ කියන එක තමයි මේකදි මේ කතාව ගොඩනගන්න යොදාගත්තේ...

දවසක් හර්ජ් මහත්තයා යාලුවෙක් එක්ක බ්‍රසල්ස් කෞතුකාගාරයකට ඉන්කාවරුන් ගේ ඉතිහාසය ගැන කරුණු හොයන්න යන ගමනේදී මෙන්න මේ පේරූ ඉන්කා මමිය දැකලා තියෙනවා...


Name:  Webp.net-compress-image.jpg
Views: 262
Size:  27.1 KB

කොහොමද හම්මෝ කොහොම හැගීමක්ද එන්නේ මේ මමිය දැක්ක ගමන් අන්න ඒ හැගීමම තමා හර්ජ් මහත්තයා කාටූනකට මේ දේවල් සියල්ල සම්බන්ධ කරලා ගොඩනැගුවේ..ඉතින් තාමත් අපි මේ කතාවට ආස වෙන එක පුදුමයක් නෙමේනේ..

ඉතින් ඔයාලා හැමෝටම ආපහු මේ කතාව බලලා පොඩ්ඩක් හීනියට බය වෙන්න මම යූ ටියුබ් එකේ දැක්ක ලින්ක් එකකුත් දාගෙන යන්නම්..බැලුවට කමක් නැහැ ජනේලේ දිහා බලන්න එපා රෑත හොදේ ..රෙප් පාරකුත් දාගෙන යන්න ගුන දොස් එක්කම​..එලකිරි..